Thursday, December 23, 2010

ඔබ මා හමුවුණ මේ ඉරහද යට

ඔබ මා හමුවුණ මේ ඉරහද යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි

කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කළ හැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවි...



http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fananmanan.com%2Fam_download%2Fsinhala_mp3%2FKarunarathna_Diwulgane_Oba_Ma_Hamu_Una.mp3&h=5e5c7

Tuesday, December 21, 2010

''පිපෙන පරවෙන හැම මලක් වුව ඔබෙ අබියස පර නොවවා ... මලින් මලකට සුවද වන්නට නුඹේ රූව මකරන්ද වේවා .. සියොත් තටු පිරිමදින අළුයම වැටෙන අරැණළු නුබම වේවා... ශුෂ්ක හද බිම තෙමා සනසන සොදුරූ සිනහව නුඹෙම වේවා...

''පිපෙන පරවෙන හැම මලක් වුව ඔබෙ අබියස පර නොවවා ... මලින් මලකට සුවද වන්නට නුඹේ රූව මකරන්ද වේවා .. සියොත් තටු පිරිමදින අළුයම වැටෙන අරැණළු නුබම වේවා... ශුෂ්ක හද බිම තෙමා සනසන සොදුරූ සිනහව නුඹෙම වේවා..."

Friday, December 10, 2010

ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි....

කතරෙ වැලි කැට හිරුට පෙම් බැද ඇතත් ලෝ දහමෙන්
සොදුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
කරනු බැරි තහනම්...



සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්
හිරුට පෙම් බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්

http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fananmanan.org%2Fsinhala_mp3%2FKarunarathna_Diwulgane_Gahaka_Mal_Pipila.mp3&h=a6dea