Saturday, November 27, 2010

ඈත්ත ඔයා මට ආදරේ නෑ තමයි

ඈත්ත ඔයා මට ආදරේ නෑ තමයි
මට ඒක තේරුනේ නෑ
මගේ යාලුවන්ට මම බෑන්නා
ඒ ඔයා නිසා..........
මම ඔයට ආදරේ කරපු නිසා
ඔයා මගේ මුලු ලෝකෙම නිසා
කමක් නෑ ඔයා සතුටින් ඉන්න
මම ඒ දිහා බලලා සතුටු වෙන්නම්
මට ඔයගෙන් පලිගන්න බෑ
ඔයා දන්නව ඒක හොදටම.

Friday, November 26, 2010

මට මොන ගෑටලුව ආවත් අම්මි..

මට මොන ගෑටලුව ආවත්
ඔයාගේ තුරුලට ආවම
හෑම දේම අමතකයි
අම්මි...
ඔයා නෑති දවසක මට
මාව නෑතිවෙයි
අනේ ....
මට ඔයා වෙනුවෙන් කරන්න 
එකම එක දෙයක්
තියනවා
මගේ පන ඔයාට දිලා
ඔයාගේ ආයුශ වෑඩි කරන එක
ඔයාට දුක හිතෙයි
සුදු අම්මි
ඒත්....... මගේ පනට වඩා 
ඔයව මට වටිනවා
සත්තයි ....
මම ඔයාට හුගාක් ආදරෙයි

Wednesday, November 24, 2010

නිහඬ වව්.....!සැම දෙනම,
උදා වී ඇත යළිත්
නිහඬ විය යුතු යුගය...
නොපෙනුනත්...
පුලුටු ගඳ නංවමින්.
දැවෙන ජීවිත මහමඟ...
නොඇසුනත්...
විලාපෙක හඬ තබා,
සියුම් ඉකියක නදද...
අසන් මා පිය සබඳ,
නිහඬ විය යුතුව ඇත,
සැක නොකර මේ දැන්ම...
නැති උනොත් උන් නුඹව,
නිහඬ කර දමනු ඇත..
සදහටම...
නිහඬවම...!!!

Tuesday, November 9, 2010

හෙට කුමක් වේවිදැයි
කිසිවෙකුට නම් කිව හැකිද?


ජීවිතය යනු හුදෙක්
අහබු සිදුවීම් , අනතුරු සහ අත් වැරදීම්
වල
බැදීමක් පමණි..


ජීවිතය විද වන්නට නොව
විදින්නට උත්සහ කරන්න..

Monday, November 8, 2010

සතුටින් කල් ගෙවුන
අවංකව සිනාවුන
බලාපොරොත්තු පොදි බැන්ද
සතුට වැඩිකමට ඇඩුන
සුන්දරම සුන්දර කාලය
නොසිතූ මොහොතක
නිම විය......
ආයේමත් මම
පෙරසේම හදවතින් අඩමින්
බොරුවට සිනාසෙන මළ කදකි.....

සත්තකින්ම මා මියගොසින්...
කයෙන් නොවුවත් හදවතින්...
නැවත ඉපදීමක් මට එපා.....
මට එපා......
මට එපා......

දරන්නට බැහැ
මහා දුක් වේදනා තවත්
ඉවසුවා
එක් වරක්
දෙවරක්
තුන්වරක්
බැහැ ආයෙමත්.......

තව වරක් ඒ දුකම විදින්නට උනොත්......
පපුව පැලී මියයනවා සත්තයි....
කයෙනුත්.....

අදුර දුරුකොට
එලිය දී
නැවත් හෙලුවා අදුරේම...

මම දැන් එලියට බයයි....
හුගක් බයයි
කලුවරේම ඉන්නම් හැමදාම.......

මම මැරිලා
ඔව් මගේ හදවත ඉස්සර වගේ වැඩ කරන් නෑ.....
මට පිස්සු
ඔව් මගේ මොලේ ඉස්සර වගේ වැඩ කරන් නෑ......

කෝ මම නෑ.....
මම නැතිවෙලා.....
ඔව් මම නැතිවෙලා....
මට මාවම නැතිවෙලා.....
අනේ මට මං ගැනම දුකයි......

අයේමත් කවමදාවත් එපා මට එලිය
මට හොදයි මේ මූසල කලුවර..........

මම මැරිලද?
අනේ මන්දා මටම තේරෙන්නේ නෑ..........
මං හිතන්නේ මම දැන් මැරිලා........

Thursday, November 4, 2010

හින්දා නුඹ නොකාපු වේල් ගණන කීයද
හින්දා නුඹ අඬාපු කඳුළු ගැළුම් කීයද
හින්දා නුඹ හෙලාපු සුසුම් වළලුකීයද
අම්මේ මට කියන්න ඒ ණය ගෙවන්න ඕනෙද
පුන්චි කාලෙ අප්පච්චී ගහන කොට
මාව බේරගත්තේ බොරු කියා නුඹ
එයින් නුඹට සිදුවුණ හැම පවමඅද
පළදෙන්නැයි මපතනවා මටම අද
නුඹ සිතු පැතු ලෙස අම්මේ නුඹේ පුතා
රජ වූයේ නැත සැම පරදවා මෙදා
තැවෙන්නට එපා මොහොතක් එහෙම සිතා
හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

කුමට මරණය පතන්නෙම්දැයි ගැහැනුන් මිනිසුන්

ගැහැනුන් මිනිසුන්
ජීවිතයෙන් 
කුමට මරණය පතන්නෙම්දැයි 
ඇසුවෙමි කලෙක 
සෝපහාසයෙන්, තරහින්
දමා ගැසුවෙමි මා
අතට හසුවූ දරුනුම 
වාග් ආයුධයන්ගෙන් 
ජීවිතයෙන් පලා යන්නෝ
කොන්ද පන නැති නිවටයින්
දිරිය සිඳුනු නපුංසකයින් . . . . !
ලද මිනිස් දිවිය
කොට මහා පින්දම් . . . පාරමී
රැකිය යුතුමය වෙර වීරියෙන්
සැදුමට සෙත නොව පමනක් තමාටම
නොහැකි වුවත් සකල ලෝ වැසියනටම
දිගු කිරීමට දෑත් එකෙකුට හෝ 
අඳුරු අගාධයකින් පනින්නට මෙපිටට . . . !
එනමුත් පසක් වූ පසු මටම
නට වූ පසු අවසන් අපේක්ෂාවත්
ලබනට දිවියේ සැපතක් නිදහසක්
නිරවුල් මනසක් . . . !
සැදුමට සෙත තියා අනුනට, මටවත්
නොහැකිව ළතවෙන දිවියට
පතනු හැර ජීවිතයෙන් "මරණය"
වෙන කිසිවකින් 
ලද හැකිද සමාධියක්?

සිතට දැනුන ආදරේ කියා ගන්න බෑ

සිතට දැනුන ආදරේ කියා ගන්න බෑ
ගතට දැනෙන සීතලේ ඉවසගන්න බෑ
ඔබ දුටු විට මා සිතේ ඇතිවන ඒ ආදරේ
සිතා ගන්න බෑ මට කියා ගන්න බෑ.....
අදරේ මගේ ඔබ කියා
සිත කියනා මොහොතක් පාසා
මම සිතන්නෙ ඔබ ගැන කියලා
මගෙ සිත මුමුනයි මට සැමදා......
දිලිසෙන ඔය නිල් නෙතු සැමදා
කරගන්නට මගේම කියලා
ඉවසමි හැම මොහොතක් පාසා
කරගන්නට ඔබ මගෙ කියලා...

බලා සිටිමි තවමත් මම

බලා සිටිමි තවමත් මම
ඒ සුරගන නෙත් දෙසම
මොහොතක් හෝ ඇසිපිය නොහෙලා.....
සදහටම ඒ නිල් නෙතු මගේම කරගන්නට
අසීමිත වූ සෙනෙහසක් සිතම වෙළාගනිද්දී
තවමත් තනිවී සිටිමි මම
හදවත පුරා පිරි ආදරයට
සිත් මායිමේ සීමාව
පැන යා නොහැකි වූ නිසාම...

Wednesday, November 3, 2010

අකීකරු ලස්සන කෙහෙරැල් ,

අකීකරු ලස්සන කෙහෙරැල් , 
රන්පාට සුමුදු කොපුලට වැටෙන හැටි ,
ඩාවින්චි දැක්කනම් අඳින්නෙ , 
මොනාලිසාව නෙවෙයි ඔයාව.......

දිගටි මනකල් වතකමල ,
මල් පිපෙන හිනාවෙන් වලගැහෙන හැටි ,
ඇංජිලෝ දැක්කනම් අඹන්නෙ ,
ඩේවිඩ්ව නෙවෙයි ඔයාව.......

කන්කළු මියුරු කතාව ,
කිංකිනි හැලෙන හිනාවකින් රසවෙන හැටි ,
බීතෝවන් ඇහුවනම් වයන්නෙ ,
සොනාටාව නෙවෙයි ඔයාව......

හිතේ ගුලිවුන ආදරේ ,
කියාගන්න බැරිව ලතවෙන හැටි ,
අකුරු කර කර ලියන්නෙ ,
වෙන කාටවත් නෙවෙයි ඔයාට.....

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුලුකර මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි



http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fdownload857.mediafire.com%2Foqfgggwp48vg%2Fmdq3dztm3nn%2FOba%2BMa%2BHamuwana.mp3&h=0ebae

Tuesday, November 2, 2010

හඬන්නේ ඇයි මේ තරම්


හඬන්නේ ඇයි මේ තරම්

පොඩි දරුවෙක් තරම්
මට වඩා ආදරෙන්
කෙනෙකු එයි නුබ වෙත අරන්

බොරුකියා වෙන් වු නුබෙන්
නුබෙ හොඳටමයි මගෙ රත්තරං
පණටත් වඩා මා හඳින්
ආදරය කලා සත්තකින්

කුල මල බේදයන්., පවුල් පසුබිම් මැනං
මා පිය නෑ වරුන්., එයි දිනක නුඔ සොයන්
ඉටු නොවන පැතුම් පොදි අප හිත් හී දරන්
කෙසේනම් සිටින්නද නුබ තුරුලට කරන්

ආදරය A/L( වලදී Love කරලා Boot කාපු අයටත් Love කරන අනිත් සැමටත්..

ලෝකය ඉදිරියට යනවලු

ලෝකය ඉදිරියට යනවලු
අපිත් ඉදිරියට යන්න ඕනලු
අපේ කම් තියා ගෙන බෑලු
ටිකක් ආතල් ගන්න ඕනලු
නයිට් ක්ලබ් ඕනලු
බීච් පාටි ඕනලු
තිතට මත නැතුවත් බෑලු
සරම ඇඳන් බෑලු
ඔසරියත් හරියන්නෑලු
ටිකක් කොටට අඳින්න ඕනලු
ඇඳුම් නැතුව ගියත් කමක් නෑලු
අපේම කියල දෙයක් එපාලු
ඉතිහාසය සංස්කෘතිය...විකාරලු
මුං ලන්කාවෙම උන්ද...මං දන්නෑලු
පුංචි උනත් ලෝකයම බලන් ඉන්න
අපේ දක්ෂකම්,ඉතිහාසය,සභ්‍යත්වය
පිටරට විකාර වලින් විනාශ උනාට කමක් නෑලු
පිටරට උන් විනාශ කලත් කමක් නෑලු
දියුණු වෙනකොට මෙහෙම තමයිලු
මේවට විරුද්ධ වෙන්නෙ ****ලු
තව ඉස්සරහට අම්ම තාත්තත් අමතක වෙයිලු
අනේ අපේ උන්ට වෙච්ච දෙයක්ලු
මේ ඉතින් මට හිතිච්ච හැටිලු

සමාවෙයන් මට අම්මේ.....

පසු තැවෙමි මා අද දින අම්මේ
දුක් විඳිමි මා අද දින අම්මේ
ඇසුවේ නෑ මා ඔබ කියු දේ අම්මේ
මුරණ්ඩු පුතු මා ඔබෙ අම්මේ
තේරුනේ පසු වී ඔබ කියු දේ අම්මේ
ඔබ නැති අඩුව අද මට දැනෙනවා අම්මේ
පුලුවන් නම් සමා දෙන්න ඔබෙ සුදු පුතාටඅම්මේ......

Monday, November 1, 2010

ඇස්දෙකින් ගලායන.

ඇස්දෙකින් ගලායන...
කදුලු කැට ගංගාව...
සවියක් වේවි දිනක...
නැගීසිටින්නට... 
ලෝකයා ඉදිරිපිට...

එපා මා අමතන්න...
එවන් සුබ දිනයකදි... 

අවසරයි සමුගන්න...
කිසි දිනකදී ‍යලිත්...
නොම එන්නට...
ඔබ ඉදිරියට..

ලීවේ නුබ ගැන විතරයි පංහිද

ලීවේ නුබ ගැන විතරයි පංහිද
කියන්න බැරි සෙනෙහස හින්දා
නොදැනුනේ මා හද රැදි දුක 
කදුලින් සිතුවම් කල හන්දා 
කම් නැත වැටහෙන්නේ නැතුවට තව
දිනකදී වැටහී යන හන්දා 
මා සිහිකර ඔබ ලෙතැවෙන්නට නම් 
එපා සුපෙම්වතියේ දුක රන්දා