Tuesday, January 11, 2011

කුංකුම කස්තුරි අගිල් කපුරු දුම්

කුංකුම කස්තුරි අගිල් කපුරු දුම්
නුහුරුය දෙව්ලේ සුවද කැවූ
පර මල් දෝතක් දෙඅත දරාගෙන
කුමක් පතන්නද මාහට නොදැනේ

කදුළින් මත් උන නව රජදහනේ
දොම්නස් කිරැළකි මගේ උරුමයට
පෙරදා හදවත සුවදින් නැහැවුන
ඉමිහිරි සිතුවිලි සුවද වියැකිලා

පාළුව ඝණදුර මා වට කරමින්
අතීත සිතුවිලි යදමින් බැදිලා
සිරකරුවෙකු සේ කුටියක තනිවුනු
සුසුමට මගෙ දිවි දිය වෙනවා

බලාපොරොත්තුවේ මිණිමුතු ඔබලා
තැනූමාළිගා බිදී වැටුනු දා
මිය ගිය සෙනෙහස මිහිදන් කල තැන
හඩා වැටෙමි හදවතින් මගේ.
.

No comments:

Post a Comment