Thursday, January 13, 2011

හිමියනේ වඩිනු මැන

සුදන ගති වැලළිලා,
දුදන ගති මතුවෙලා,
බුදු සාදු කියාදුන්,
දහම් අමතක වෙලා.
මල් පිපුන පාර දිග,
කටු අකුල් මතු වෙලා,
ඇවිදගෙන යන්න බැහැ
පාර වල් බිහි වෙලා.
ගිරි දුර්ග - වන දුර්ග,
මග දෙපස අවුරලා,
මන් මුලා වි හිදි,
මිනිස් හිත තනි වෙලා.
හිමියනේ වඩිනු මැන,
මිනිස් ලොව දෙස බලා,
ඔබ නො‍යන මොහොතකදු,
සසර අපි තනි වෙලා

1 comment:

  1. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    වසරකින් පමා වූ ඔබේ අඩවියේ නැවත ගී සනිටුවහන් වේවා!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු!

    ReplyDelete