Thursday, November 4, 2010

කුමට මරණය පතන්නෙම්දැයි ගැහැනුන් මිනිසුන්

ගැහැනුන් මිනිසුන්
ජීවිතයෙන් 
කුමට මරණය පතන්නෙම්දැයි 
ඇසුවෙමි කලෙක 
සෝපහාසයෙන්, තරහින්
දමා ගැසුවෙමි මා
අතට හසුවූ දරුනුම 
වාග් ආයුධයන්ගෙන් 
ජීවිතයෙන් පලා යන්නෝ
කොන්ද පන නැති නිවටයින්
දිරිය සිඳුනු නපුංසකයින් . . . . !
ලද මිනිස් දිවිය
කොට මහා පින්දම් . . . පාරමී
රැකිය යුතුමය වෙර වීරියෙන්
සැදුමට සෙත නොව පමනක් තමාටම
නොහැකි වුවත් සකල ලෝ වැසියනටම
දිගු කිරීමට දෑත් එකෙකුට හෝ 
අඳුරු අගාධයකින් පනින්නට මෙපිටට . . . !
එනමුත් පසක් වූ පසු මටම
නට වූ පසු අවසන් අපේක්ෂාවත්
ලබනට දිවියේ සැපතක් නිදහසක්
නිරවුල් මනසක් . . . !
සැදුමට සෙත තියා අනුනට, මටවත්
නොහැකිව ළතවෙන දිවියට
පතනු හැර ජීවිතයෙන් "මරණය"
වෙන කිසිවකින් 
ලද හැකිද සමාධියක්?

No comments:

Post a Comment