Thursday, November 4, 2010

හින්දා නුඹ නොකාපු වේල් ගණන කීයද
හින්දා නුඹ අඬාපු කඳුළු ගැළුම් කීයද
හින්දා නුඹ හෙලාපු සුසුම් වළලුකීයද
අම්මේ මට කියන්න ඒ ණය ගෙවන්න ඕනෙද
පුන්චි කාලෙ අප්පච්චී ගහන කොට
මාව බේරගත්තේ බොරු කියා නුඹ
එයින් නුඹට සිදුවුණ හැම පවමඅද
පළදෙන්නැයි මපතනවා මටම අද
නුඹ සිතු පැතු ලෙස අම්මේ නුඹේ පුතා
රජ වූයේ නැත සැම පරදවා මෙදා
තැවෙන්නට එපා මොහොතක් එහෙම සිතා
හොඳ කෙනෙක් අද නුඹ සිතුවාට වඩා

No comments:

Post a Comment