Tuesday, November 2, 2010

ලෝකය ඉදිරියට යනවලු

ලෝකය ඉදිරියට යනවලු
අපිත් ඉදිරියට යන්න ඕනලු
අපේ කම් තියා ගෙන බෑලු
ටිකක් ආතල් ගන්න ඕනලු
නයිට් ක්ලබ් ඕනලු
බීච් පාටි ඕනලු
තිතට මත නැතුවත් බෑලු
සරම ඇඳන් බෑලු
ඔසරියත් හරියන්නෑලු
ටිකක් කොටට අඳින්න ඕනලු
ඇඳුම් නැතුව ගියත් කමක් නෑලු
අපේම කියල දෙයක් එපාලු
ඉතිහාසය සංස්කෘතිය...විකාරලු
මුං ලන්කාවෙම උන්ද...මං දන්නෑලු
පුංචි උනත් ලෝකයම බලන් ඉන්න
අපේ දක්ෂකම්,ඉතිහාසය,සභ්‍යත්වය
පිටරට විකාර වලින් විනාශ උනාට කමක් නෑලු
පිටරට උන් විනාශ කලත් කමක් නෑලු
දියුණු වෙනකොට මෙහෙම තමයිලු
මේවට විරුද්ධ වෙන්නෙ ****ලු
තව ඉස්සරහට අම්ම තාත්තත් අමතක වෙයිලු
අනේ අපේ උන්ට වෙච්ච දෙයක්ලු
මේ ඉතින් මට හිතිච්ච හැටිලු

No comments:

Post a Comment