Friday, October 29, 2010

ප්‍රේමය පුද දී අවාසනයි
ඔහු සතු වී කාලය බොමයි
නොලෑබෙන මා නොපතන්න
තහනම් සෙවනින් යන්න
පරාජයේ දුක මට පුරුදුයි
සෑනසුම ඔබ වාගෙම ඈතයි
තහනම් සෙවනේ ඉන්න 
තව මොහොතක් ඉඩ දෙන්න
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයිනම්
මා වෙනුවෙන් නොහඩන්න 
ජිවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම්නම් බෑ දෙන්න
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්
මට නොපෙනී පිට වෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරක
සිතනම් බෑ ගෙනයන්න..
මේ පාලුව තනිකම හුදකලාවතාමත් මට ඔයාව මතක් කරනවා
මේ හිත ඔයාවම ඉල්ලලා හඩා වැටෙනවා..
මම දන්නේ නෑ ඒ ඇයි කියලා
නිසන්සලව ගලා ගිය මගේ ජිවිතය
ඔය ලග නතර උනේ අහම්බෙන් වගේ
මමවත් නොදනුවත්ව මම ඔයගේ සුසුමකට පවා ආදරේ කළා
ඔයට කවදාවත් මාව තෙරුම් ගන්න බැරි උනා

හැම කෙනෙක්ටම ආදරේ හිතෙන්නෙ නෑ වගේ
මටත් ආදරේ හිතුනේ ඔයාටම විතරයි
හිනෙන් පවා දකින්න ආස කලේ ඔයවම විතරයි
කවුරු කොහොම ඔයා ගැන කිව්වත්
මම හමදම බලන් හිටියා ඔයා වෙනුවෙන්
කාලයක් තිස්සේ ටිකෙන් ටික එකතු කර ගරලා පුරොගත්තු ආදරය
අද මටම හිනා වෙනවෙනවා
මට මේවා තවත් දරගෙන ඉන්න අමරුයි
ඔයව මතක් වෙන හැම මොහොතකම
මම අඩපු තරම් දන්නෙ මම විතරමයි
තව දුරටත් මේ ජිවිතය ජිවත් කරන්න මට බැරි වෙවී
ඒ අදරණිය මතකයත් ආදරයත් අරගෙන මම යන්නම යන්නම්
කවදවත් ඔයට නොදකින්නම යන්නම්
එත් මතක තියා ගන්නමේ අහස තරම් පොලොව තරම්
ඔයට ආදරේ කරපු කොල්ලෙක් හිටියා කියලා..
එක හැමදමත් ඔයගෙ ආදරය වෙනෙවෙන්ම
බලන් ඉදිවී....

Thursday, October 28, 2010

ඔබ දන්නේ නැති තරමට
සිතා ගන්න බැරි තරම‍ට
සත්තකින්ම තවමත් මම
ඔබ‍ට ආදරේයි

දැක ගන්නට නොලැබුනා‍ට
ලං වෙන්න‍ට නොලැබුනාට
නෑ මියෙන්නේ මේ සිත
නුඹ‍ට ආදරේයි

සමුගන්නට ඕනේම නම්
මා තනිකර නුඹ යා නම්
දුක ඉවසාගෙන ඔබ හ‍ට අවසර දෙන්නම්

සිතන්න‍ටත් පතන්න‍ටත්
ඔබ පමණක් සිටින නමුදු
මගේ කදුලින් ඔබ හට
මම
ආසිරි පතන්නම්
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
...
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
මොනවද අම්මේ මO පොඩි කාලේ
මා නළවන්නට ඔබ කී කවි ගී
දකින්න ඇත්නම් හිනෙන් හෝ මට
අම්මගේ උකුලේ හිට පු හැටි

කුසගිනි දැනෙන හැම මොහොතකදිම
මා ඔබ ලය තුරුලේ තියලා
පොවන්න ඇති මට මා හඩනා විට
අම්මගේ ඇග ලේ කිරි කරලා

අම්මෙ කෝ මගෙ පින්චි අදුම් පොඩි
දකින්න ආසයි මට ඒවා
මන් වෙනුවෙන් ඩහසක් දුක් විදි
ඔබ මතු සසරෙදි බුදු වේවා
විදි කොනේ නුබ පියමන් කරන, ඈත ඉසව්වට දෙනෙත් යොමා, බලන ඉද්දි නොදක්ක වගේ, හැරදා නෙත් මා ඉවත ගියා... සුසුම්ලමින් ඉකිබිදිනා හද තුල, දහස් පැතුම් වරුස වැහැලා, ගලාන යන තුරු නොදැක්කෙ ඇයි නුබ, වැහි වතුරට දිය බොර විලා... ඉගිලෙන ලිහිනින් රෑන සරා, දෙදුන්නක් අතරින් සගව ගිය, නුබත් යන්න යාවිද හද මැදුරෙන් අතර ඉගිල යන ලිහිනි වෙල... දිවියේ අවසන් සුසුම හෙලන, මොහොතට පෙර ඉන්නම් දෑස අයා, අයදපු සෙනෙහෙට සුබ ලකුනක් ගෙන, සෙනෙහෙ ඉසව්වෙන් වඩින තුරා...