Thursday, October 28, 2010

පරාජිත ප්‍රේම වන්තයෙකුගෙ

පරාජිත ප්‍රේම වන්තයෙකුගෙ
හීනෙන් හීනෙට ඇවිදින
හිත ලග තවමත් මම මාලිගා හදනවා
සුවදින් ඉවකර ගතනොහෙනා
සද රැක තරු මල් මට පාර කියනවා
සමනල් සිතකින් මා වැඩු සෙනෙහස ............
මිරිගුවක්‌ සේ දුර ඈතට යනවා..........
නුබෙ අත අරගෙන ඒ දුර යන්නට රත්තරනේ මම පාර හොයනවා
නෙත හිත දෙතොලග සැගවුනු සුවදින්
මල් වාගේ හදවතට අවාරයේ වැහි අනෝරාව යට
ඒ මල් වල පෙති ගැලවී වැටුනා
තරු නෙත් කැලුමක දෙතොලග සුසුමක
සුවදක්‌ සේ සෙනෙහස බැදුනා...........
පෙම් කලේ මා මිස නුබ නොවන බව
වැටහෙන්නට කල්පයක්‌ ගෙව්නා ඒත් තවම නොතේරේ..........
මිය නොයමි ජීවිතය දුර නිසා.....
සතුට නොසොයමි එය මට තහනම් නිසා.......
නොහඩමි හඩන්නට කදුලු නැති නිසා........
විදවමි විදින්නට තවමත් කිසිවක්‌ නැති නිසා.......
ගනදුරට පෙම් බදිමි ආලෝකය යලි නොඑන නිසා..........
හිත හදා ගනිමි ලොවෙහි කිසිවක්‌ නියත නැති නිසා.......
ඔබයි මගේ ජිවිතේ, ඔබයි මගේ ආදරේ  මියෙන තුරා........
පෙම් කරමි ඔබ හට සදා
ඔබට සදා ජය

No comments:

Post a Comment