Saturday, October 30, 2010

මා ඔබ ලඟ අම්මේ…
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලඟ අම්මේ.. //
කටුකොහලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වී
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ලඟ අම්මේ..
උකුලට නාවත් එදා වගේ..
අත පය දැඩි වී වැඩිහිටි ඌ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි ඔය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ලඟ අම්මේ..
උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ලඟ අම්මේ.. //
ගායනය: රූකාන්ත ගුණතිලක

No comments:

Post a Comment