Sunday, October 31, 2010

පේ*්*රමයට සීමා මායිම් කිසිත් නැත. එය මහ සයුර සේ අනන්තය. අහස මෙන් අපරිමාණය. මුරකාවල් යොදා සිර කළ නොහැකි අකීකරු පෙම් කල්පනාවෝ සිත්යාය පුරා ඉගිළෙන විහඟ රෑනක් මෙනි. නිදි නැති රැයෙක, සඳ කඳුළු මිහිදුමේ වෙළී තරුමල් අතර විකසිත වූ ඒ අපූර්ව පේ*්*රමය කිසි දිනක පියවි ලොවේ සැබෑවක් වන්නේ නැත. සැබැවින්ම එය දුරින් හිද සිතෙන් පමණක් අත්විඳීය හැකි රමණීය සිතිවිල්ලකි

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින
කුමරා
කළුවර රෑ හඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මං නොකී කවිය
නුඹට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න
මගේ පුංචි රෝස මලේ.....
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්
ආසයි මං කවුළුපියන්
හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ.....



No comments:

Post a Comment