Saturday, October 30, 2010

තව එක සැරයක්

තව එක සැරයක්
ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම්
ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක්
සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං
ඔබට ආදරෙයි නම්
විලේ නෙළුම් මල් කොපමණ තිබුනත්
එක මලකට පෙමි කරමි සිතින්
නෙලන්න ආසයි දෝතින් ඒ මල
මගේම වන්නට හැමදාමත්
තව එක සැරයක්
ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම්
ඔබට ආදරෙයි මං
පාළුව තනිකම මට වද දෙනවිට
කෙලෙසද මා එය ඉවසන්නේ
ලඟින් නොසිටියක් දෙතැනක සිටියත්
ඔබේ සුවඳ මා ලඟ රැදුනේ
තව එක සැරයක්
ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම්
ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක්
සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං
ඔබට ආදරෙයි නම්.

No comments:

Post a Comment