Saturday, October 30, 2010

පෙරදා මැවූ සිනා.

පෙරදා මැවූ සිනා..
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නු කාලේ..
සුන්ඳරයි ජීවිතේ..
පෙරදා මැවූ සිනා.. //
මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ..
මල් නොපිපෙනා වසන්තේ
උනුසුම් හැඟුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී
ලත වේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ..
කිසිදා මේසේ…
පෙර දා මැවූ සිනා..
මේ නීල තරු ගොල්ලේ..
සඳ පාළුවෙන් සරන්නේ..
රෑ කළුවරේ ගිලෙන්නේ..
සිහිනේ දසුන් බොඳ වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළු වේවි නම් මේ ආදරේ..
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ..
පෙරදා මැවූ සිනා..

No comments:

Post a Comment